නුවනැති බෞද්ධ පිංවත.....


පළමුවෙන් මා ඔඛෙන් ප්‍රශ්නයක් අහන්නම්. තමන් අදහන ආගමින් බැහැරව වෙනත් ආගමක පිහිට පතා
යන අන් ආගමිකයන් කීදෙනෙකු ගැන ඔබ දන්නවාද? කලාතුරකින් හමුවෙනවා යන්න ඔබේ පිලිතුර වියහැකියි.
එහෙත් ....... පල්ලියේ කෝවිලේ දේවාලයේ හෝ හාස්කම් ඇතැයි කියන කොතැනක හෝ බෝධියේ
නාමයෙන් හෝ (බෝධි පූජාවල බුදුගුණ සිහිගන්වා කුසල් වවන මගක් මිස වෘක්ෂ දේවතාවුන් යාඥා කරන
වෘක්ෂ පූජාවක් නොවේ.) මාළල මුදුල වළලූදල ශුද්ධ අළුද අහසින් අහසින් ලබාදෙනබව කියන ඉන්ද්‍රජාලිකයන්ගේ පිළිසරණින් සැප සැනසුම පතා ආලෝකයෙන් අඳුරට පිවිසෙන බෞද්ධ නාමධාරීන්ගේ ප්‍රමාණය කොතෙක්දැයි ඔබ සිතන්නේද? බුද්ධං සරණං ගච්චාමි කියමින් බුදුහිමි සරණ යමින් බුදුහිමියන් යමක් නොකලයුතුයැයි කීවානම්ඒ දෙයම කිරීමද අද බෞද්ධයාගේ පිලිවෙත වේ.සැප හා සැනසුම කැමති අයෙක් වෙත්නම් ඒ සඳහා මේ බුදු මඟණුවනින් දැක පිළිපැදීම නිසැකයෙන්ම යහපත පිණිස හේතුවන්නේය.
සැප හා (කම්ම සත්තේ විභජතීයදිදං හීනප්පනීතතාය) සුවදුක් ලැබීම වශයෙන් සත්වයා කරමය විසින් ඛෙදනු ලබයි. (චේතනා හං භික්කවේ කම්මං වදාමි ) මහණෙනි, මම චේතනාව කර්මය බව පවසමි, යි වදාළ බුදුරදහු කර්ම රැස්කිරීමට හේතුවන නිදාන හයක් දේශනා කළහ. ලෝභෝ නිදානං කම්මානං සමුදයා යනාදී වශයෙන්ලෝභ, දෝශ, මෝහ අකුසල හේතුන් ලෙසින්දල අලෝභෝ නිදානං කම්මානං සමුදාය යනාදී වශයෙන් අලෝභ, අදෝශ, අමෝහ කුසල හේතුන් ලෙසින්ද දක්වන ලද පංචකාම ගුඛා ලෝකේ මනෝජෙට්ඨා පවේදිතාල එත්ල ක‍න්දංල චිරාජෙත්වා දුක්ඛා පමුච්ඡනං (ස.නි)මනස හය වැන්න කොට ඇති පස්කම් සුවය ( ඉඳුරන් පිනවීම ) ප්‍රකාශකරන ලදි. මෙහි ඇල්ම දුරුකිරීමෙන් දුකින් මිදෙයි. න ඛො ගහපති අරහති අරියසාවකො සුඛං අචිතුංවා අභිනං දිතුං වාපිහේතුං ගෘහපතිය බුදුරදුනගේආර්ය මාර්ගය පිළිගන්නාවූ ආර්ය ශ්‍රාවකයා විසින් පස්කම් සුවයෙහි ඇළුම් නොකල යුතුය. යාඥා නොකලයුතුය. තෘෂ්ණාව රැස් නොකලයුතුයයි වදාලේ සුව සොම්නස් ප්‍රාර්ථනා කරමින් ඉහතින් දැක්වූ පරිදි ඒ ඒ ස්ථානයේ යාඥා කරමින් ප්‍රාර්ථනා කරමින් යාම දෙලෝ වශයෙන් ම දුකට හේතුවන බැවිනි.
සැප පමණක් නොවේ. ආයු, වර්ණ, සැපය, යසසය, ස්වර්ගය යන මේ කරුණු පහෙන් කිසිවක් යැදීමට ඔබට හැකියාවක් නැත. ඔබ මේ යදින්නේ, පතන්නේ පස්කම් සුවයම නොවේද? මෙසේ කිරීමෙන් ඔබ තෘෂ්ණාවම වඩන
බව ඔබට නොසිතෙන්නේඔබ මෝහය නැමති පටලය නිසා අන්ධව සිටින බැවිනි.
යේ දුක්ඛමද්දක්ඛිකුතො නිදානං - කාමේසු සෝ ජන්තු කතං නමෙය්‍ය
යමෙක් දුක හටගැනීමේ හේතුව දන්නේ නම් ඔහු කෙසේ පස්කම් සුව කෙරේ නැමේ දැයි විමසා වදාලේ ඔබ කෙරේ වූ අපිරිමිත කරුණාවෙන් බව අමතක නොකල මැනවි.
එසේනම් අප ජීවත්වන්නේ කෙසේද? පිහිටක් ලබන්නේ කෙසේද? ලෙසින් මෝඩ ප්‍රශ්න නෙනෙකු ඇසීමට ඉඩ ඇත. පෘතක්ජන සත්වයා කම්සුවයට කැමති බව බුදුහිමියන් නොදන්නවා නොවේ. යාඥාවෙන් හෝ ප්‍රාර්ථනාවෙන් සුවය නොලැඛෙන බවයි, උන්වහන්සේ දේශනාකොට වදාලේ.
සුඛ කාමේන ඛො ගහපති සුඛසංචත්තනිකා පටිපද පටිපඡ්ජිතබ්බං
සැප කැමැත්තෙහු විසින් සැප ලබන පිළිවෙත පිලිපැදිය යුතුයැයි බුදුහිමි වදාලේ සැප ලබන අන්මගක් නොමැති බැවිනි. අලෝභ, අදෝශ, අමෝහ චේතනා මුල්කොට කුසල කර්ම කිරීම ඒ සැප ලැඛෙන එකම ප්‍රතිපදාවයි.
බෞද්ධයෙකු වේවා අබෞද්ධයෙකු වේවා මෙසේ කරන කර්මවල සුඛ විපාක ලැබීමත් ලෝභ ආදිය හේතුකොට කරන කර්මයන්ගේ දුක් විපාක ලැබීමත් සාධාරණව සිදුවන්නේය.
දුකින් මිදීම සිදුවන්නේ අරිඅටඟි මග පිලිගන්නාවූ බෞද්ධයා හට පමණි. බෞද්ධ නාමධාරී වූවාට දුකින් මිදීම සිදුනොවේ.
ලෝකීය මාර්ගය හා ආර්ය මාර්ගය වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙවැදෑරුම් කොට දක්වා ඇත. (මහා චත්තාරික සූත්‍ර) එහි ඇති ආර්ය මාර්ග සම්මා දිටිඨිය සම්මා දිටිඨිලෙසත් ලෝකීය සම්මා දිටිඨිය ලෙසත් විග්‍රහ වෙයි. . අත්ථී දින්නං ආදී වශයෙන් දස ආකාරයකින් විග්‍රහකොට ඇති කම්මකස්සකතා සම්මා දිට්ඨිය සත්වයා කර්මය ස්වකීය කොට ඇතිබව හා සුවදුක් විසීම කර්මඵල හේතුවෙන් සිදුවන බව ප්‍රකට කරයි. හරි මග මෙසේ පැහැදිලිව තිබියදීත් බෞද්ධයෙකුයයි ප්‍රතිඥා කරන යමෙක් පෙනෙන්නාවූ හෝ නොපෙනෙන්නාවූ හෝ බාහිර බලවේගයක උපකාරයෙන් සැපයක් හෝ සැනසුමක් ලැබේයයි විශ්වාස කරයි නම් එය මිඡ්ඡාදිඨ්ටියයි.ලෝකීය සම්මා දිට්ඨියෙන් බැහැරවීම ඉන් සිදුවේ.
එවිට සම්‍යක් සංකල්පයෙන් බැහැරවීමද නිතැතින්ම සිදුවේ. නෙක්ඛම්ම හෙවත් කාමයන්ගෙන් ඈත්වීම සිතුවිලි හා අව්‍යාපාද හා අවිහිංසා සිතුවිලි සිතෙහි පහලකරගැනීම සම්මා සංකල්පය යනුයි.
බාහිර බලවේගයක පිහිටින් සැප ලැබිය හැකියයි සිතා පස්කම් සැප පතා යාඤා කරන්නහුට කාම සංකල්පනාවෝ මැවෙත්.පස්කම් සැප සඳහා යැදීම පිණිස අනුන් මෙහෙය වීම වෛරී පතිපදාවයි. කම් සුව පැතීම දුකට හේතුවන බැවින් විහිංසා ප්‍රතිපදාවද වේ. මෙසේ ම්ච්ඡා සංකල්පනා හේතුවෙන් බොහෝ පව් රැස්වීමද සිදුවේ. මිනිස්බවින් චුතවී නැවත මිනිස්බවට එන්නේ නම් නියපිට රැඳෙන වැලිතරම් පිරිසක් බවත් මහපොළවේ වැලි හා සමාන පිරිසක් දුගතියට යන බවත් දේශනා කොට වදාළේ ලොව බොහෝදෙනා යාඤාව හා ප්‍රාර්ථනාව මුල්කොට තෘෂ්ණා වර්ධනයෙහි යෙදී සිටින හෙයිනි.

මෙසේ වූ විට අරි අටඟි මගින් බැහැරට යනබව යමෙකුට නොවැටහේනම් ඒ බාලයාට අනුකම්පා කලයුතුවෙයි. ඔබ නිරයට කැපවූවෙක්දැයි ඔබම තීරණය කරන්න.
අත්තාහි අත්තනො නාථො - කොහි නාතෙ පරොසියා
තමාගේ පිහිට තමාවිසින් කරගත යුතුය. අනෙකෙක් කෙසේ පිහිට වන්නේදරෑ ඔබ සැප කැමැත්තේද.....?
එසේනම් පළමුකොට සම්මා දිටිඨියේ පිහිටා පන්සිල් අයදුම් කරන්න. පන්සිල් යනු සෑම මනුෂ්‍යයෙකු වසින්ම ආරක්ෂා කලයුතු මනුෂ්‍ය ධර්මයන්ය. එවන් ධර්මයක්වත් හරිහැටි නොපුරා නිවන් මගක් අරමුණු කිරීම සිදු නොවන බැවින් බුදුරදුන් මිනිස් දහම් ආර්ය මාර්ගයෙහි ලා තහවුරුකලයුතුබව සිහිකලයුතුයි.
මේ මිනිස් දහම් පහවත් රැකගන්නට අපහසුයයි ඔබ සිතනවානම් පූජා වට්ටි දහසක් පිදුවත් ඔබට දෙවියන්ගේ ආශිර්වාද මාත්‍රයක්වත් නොලැඛෙන බව දැනගන්න. සමහර දෙනා දෙවියන් කෙරේ ඇතිකරගෙන සිටින අන්ධ භක්තිය නින්දා සහගතය. අරි අටඟි මග පිහිටා පන්සිල් රකින ගිහියාට දෙවියන් පවා නමස්කාර කරන බව සක්ක සංයුක්තයෙහි දන්වා ඇත, ඒ දෙවියන් බලාපොරොත්තුවන කුල සම්පත්තිය රැඳී ඇත්තේ ඔහු මත බැවිනි. මනුෂ්‍ය ධර්ම නම් වූ පන්සිල් හොඳින් රකින කිසිදු බෞද්ධයෙක් දෙවියන්ට හෝ සායිබබාට යැදීම සිදුවිය නොහැක. පන්සිල් රකින්නා විශාරද යයි බුදුරදුන් දෙසූ දහම සත්‍යනම් ඔහු අනෙකෙකුගේ පිහිට පතා යැදීම සිදිනොවේමැයි. පන්සිල් රකින්නහුගේ තුන්දොරම පිරිසිදු වන්නේයග අරි අටඟි මග පිහිටියාවූ ඔහු විසින් සැදැහැයෙන් කරන ලද දානාදී කුසලකර්මයන් වේද ඒවා උදාර අනුසස් ඇත්තේ වෙයි. සීලාදී ගුණධර්මයන්ගෙන් පරිපූර්ණ බ්‍රහ්මචාරී උතුමෙකු උදෙසා දන්දෙමිය යන චේතනාවෙන් අවදිවන දවස යහපත ඵලවන බව අංගුත්තර නිකායේ දක්වා ඇත. බුදුරජන් හා සමකල හැකි සිල්වත් උතුමෙකු තුන්ලොව කොතැනක හෝ ලැබිය නොහැකිය.
පන්සිල් රකිමින් සතර පොහොයෙහි කාමයන් අත්හැරීමට හුරුවන්නේ (බුදුරදුන් දකින්නේය) , යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති, යි වදාළ සේක.
පින්වත. පන්සිල් නම් මානුෂීය ධර්මයන් ගෙන් ඈත්වන්නේ වේ නම් ඔබ නිසැකවම පිරිහුණු පුද්ගලයෙකු බවට පත්වේ. එබැවින් පාපයෙන් මිදී සුගතිගාමී මාර්ගයට පැමිණෙන්න.නිසැකවම ඔබ දෙවිබඹුන්ගෙන් වන්දනාමාන ලබන උතුමකු බවට පත්වෙනවා නොඅනුමානය.
Free HTML Blog 4u